FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක 4 කට පැනවූ නායයාමේ අනතුරු ඇගවීම තවදුරටත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිස්ත්‍රික්ක 4කට පැනවූ නායයාමේ අනතුරු ඇගවීම හෙට පස්වරු 2.30 දක්වා තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව, රත්නපුර, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට මෙම අවදානම බලපැවැත්වෙනු ඇති.

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉදිරි පැය 36 සඳහා ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක හෙට (24) පස්වරු 2,00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.