FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලාංකිකයන් 273 ක් රැගෙන ඒමට ඩකා නුවරට විශේෂ ගුවන් යානයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් පිටත්ව ගොස්  තිබේ.  

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 1422 දරන විශේෂ ගුවන් යානය මෙලෙස ඩකා නුවර බලා පිටත්ව ගොස් ඇති අතර , එය අද රාත්‍රී 7.45 ට පිරිස ද රැගෙන යළි කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.