FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර සිදුකළ විශේෂ වැටලීමකදී 327 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් 327 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී ඇත. 

ඊයේ (22) පෙරවරු 6 සිට අද (23) පෙරවරු 5 දක්වා කාලය තුළ මෙම වැටලීම සිදුකර ඇති අතර, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාවට නංවා තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 114 ක් සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 108 ක් ඇතුළත් වෙයි.