(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ සියලු පාසල්වලට ශරීර උෂ්ණත්වය මැනීමේ උපකරණ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මීට අමතරව පාසලේ සිසුන් සංඛ්‍යාව අනුව අත සේදීම සදහා පාදයෙන් ක්‍රියාත්මක කළහැකි කරාමය සහිත බේසම් මෙන්ම ගිලන් ඇදක් ලබාදීමට පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර සිටියේය.
මේ සඳහා රුපියල් මිලියන 630 ක ප්‍රතිපාදන වෙන්කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
සියලු සිසුන් සඳහා මුව ආවරණ ලබාදීමට ද සැලසුම් කර ඇත.
සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරිම සදහා හැකි සෑම පියවරක්ම ගන්නා බවත් පාසල් යළි විවෘත කිරීමට පෙර සෑම පාසලකටම මෙම උපකරණ ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.








