FAST NEWS

24×7 Around the Globe

කොළඹ උතුර සිරවී සිටි රැසක් අද ගම්බිම් බලා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (23) දිනයේද ඇඳිරි නීතිය හමුවේ බස්නාහිර පළාතේ සිරවී සිටින තවත් පිරිසක් ගම්බිම් බලා පිටත්කර යැවීම සිදු කෙරේ.

කොළඹ උතුර කොට්ඨාශයේ සිටින 2000 කට ආසන්න පිරිසක් මෙලෙස ඔවුන් පදිංචි ප්‍රදේශ කරා යැවීම සිදුවන බව පොලිසිය පැවසුවේය

ඔවුන් අද පෙරවරුවේ සුගතදාස ක්‍රීඩාංගණයට කැඳවා ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර නිවෙස් කරා පිටත්කර යැවීමට නියමිතයි.

මේ වනවිට බස්නාහිර පළාතේ සිටි 16000 කට ආසන්න පිරිසක් මෙලෙස පිටත්කර යවා අවසන් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.