FAST NEWS

24×7 Around the Globe

ප්‍රථම වරට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු සෙනසුරාදාත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙරට අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වරට සෙනසුරාදා දිනවල නඩු කටයුතු කැඳවීමට තීරණය කර තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් සලකා බැලීමට නොහැකි වූ පෙත්සම් මෙලෙස ලබන සෙනසුරාදා සහ ජූනි 13 වන සෙනසුරාදා දිනවලදී ද කැඳවීමට තීරණය වී ඇත.

පසුගිය මාර්තු මස 23 වනදා සිට මැයි මස 06 වනදා තෙක් අතපසු වී ඇති නඩු කටයුතු මේ අනුව කැදවීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී තිබේ.