FAST NEWS

24×7 Around the Globe

පිටකොටුවේ යාචකයින් පිරිසක් රිදීගම රැඳවුම් මධ්‍යස්ථානයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණය විසින් පිටකොටුව බස්නැවතුම්පොළ හා තදාසන්න ප්‍රදේශවල සිටිය දී පොලිසිය විසින් නිරෝධායනය සඳහා යොමු කළ යාචකයින් 62 දෙනෙකු රිදීගම රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කරන ලෙස නියෝග කර තිබේ.

ඊයේ (22) ඔවුන් අලූත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.

පොලිසිය විසින් අධිකරණයට දැනුම් දුන්නේ මොවුන් සියලූ දෙනා දින 14 ක නිරෝධායනය අවසන් කළද නගරයේ නිකරුණේ ගැවසීම මගින් මහජන සෞඛ්‍යය කෙරෙහි අහිතකර අන්දමින් බලපෑ හැකි බවයි.

ඒ අනුව අදාළ යාචකයින් 62 දෙනාම රිදීගම රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කරන ලෙස අධිකරණය නියෝග කර ඇති අතර වයෝවෘද්ධ පුද්ගලයින් හැර සෙසු සියලූ දෙනාට වෘත්තීය පුහුණුව ලබාදීමට අපේක්ෂා කරන බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියි.