FAST NEWS

24×7 Around the Globe

නිශ්ශංක සේනාධිපති ජනපති කොමිසම හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලබන 26 වනදා පෙරවරු 10.00 ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී ඇති බවට වාර්තා වේ.

නිශ්ශංක සේනාධිපති විසින් ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරාගැනීම හේතුවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලට අදාලව ප්‍රකාශ ලබා ගැනීම සදහා මෙම කැදවීම සිදුකර තිබේ.