FAST NEWS

24×7 Around the Globe

ජාතික පොසොන් සතිය ලබන 2 සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන දෙවැනිදා සිට 8 වැනිදා දක්වා ජාතික පොසොන් සතිය ක්‍රියාත්මක බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේය.

මෙවර පොසොන් උත්සවය සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන්නැයි, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ආරෝග්‍යයා පරමාලාභා යන තේමාව ඔස්සේ මෙවර පොසොන් පොහොය සැමරෙන අතර මිහින්තලාව කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය උත්සවය පැවැත්වෙන බව ඔහු පැවසී ය.

පුද්ගලයින් එක්රැස් කරමින් දන්සැල් පැවැත්වීමට මෙවර පොසොන් පොහොයේදී තහනම් කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් මත සියලු පුණ්‍ය කටයුතු සිදු කරන්නැයි විහාරස්ථානවලට උපදෙස් ලබාදී ඇති බව ඔහු පැවසුවේය.