FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනේ [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1060ක් දක්වා ඉහළට ගොස් තිබේ.   

අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 5ක්.


(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1057 ක් දක්වා ඉහළ ගොස් ඇත.  

ඒ අද දිනයේ තවත් ආසාදිත නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා රෝහල් වලින් පිටව යන ප්‍රතිශතය 57.8% දක්වා වැඩි වී ඇති අතර, රෝහල් ගතව ප්‍රතිකාර ලබන ප්‍රතිශතය 41.3% ක් ලෙස සඳහන් වෙයි.