FAST NEWS

24×7 Around the Globe

ගාල්ලේ ප්‍රදේශ කීපයකට හෙට පැය 4 ක ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලංගොඩ, බලපිටිය, හික්කඩුව, ඇල්පිටිය, බටපොල, බද්දේගම සහ බෙන්තොට යන ප්‍රදේශවල හෙට පැය 4 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි. 

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා ඒ අනුව ජල සැපයුම අත්හිටුවනු ලැබේ.