FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයට එරෙහිව ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජුනි 20 මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම 26 වන අඟහරුවාදා උදෑසන 10 තෙක් කල් තබා තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය,බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අද (22) පස්වන දිනටත් පෙත්සම් කැඳවනු ලැබීය.