FAST NEWS

24×7 Around the Globe

නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඒ අනුව ගාල්ල, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක 07ක් සඳහා නාය යාමේ අනතුරු ඇඟවා ඇත.

අද (22) පෙරවරු 2.30 සිට හෙට (23) පෙරවරු 2.30 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලත්මකයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර 75 ඉක්මවා ඇති බැවින් ඒ අනුව ඉදිරි කාලයේ නායයෑම් අනතුරු ඇති විය හැකි බවයි.

ඒ අනුව නායයෑමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ , පස් කණ්ඩි වැටිමේ හා පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳ ජනතාවට විමසිලිමත් වන්නැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.