FAST NEWS

24×7 Around the Globe

දිවයිනට බලපෑ වැසි තත්ත්වය තවදුරටත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ නිරිතදිග කොටසට බලපා ඇති වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැක.

එමෙන්ම, පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයේ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බව සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ඉල්ලා සිටියේ මේ පිලිබඳ ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසයි.