FAST NEWS

24×7 Around the Globe

පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සෙබළුන්ගේ ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනය වී සිට පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සෙබළුන්ගේ ගණන 209ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඒ තවත් 5 දෙනෙකු සුවය ලැබීමත් සමඟයි.

ඔවුන්ගෙන් 3 දෙනෙකු අයිඩීඑච් රෝහලෙහිද, දෙදෙනෙකු හෝමාගම රෝහලෙහිද ප්‍රතිකාර ලබා ගෙන තිබුණි.