FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික් 10 කට පැනවූ නාය යෑමේ අනතුරු ඇගවීම තවදුරටත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිස්ත්‍රික්ක 10 කට පැනවූ නාය යෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව ගාල්ල, මාතර, රත්නපුර, කලුතර, කෑගල්ල, මහනුවර, කොළඹ, මාතලේ, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇත.

එමෙන්ම රත්නපුර, අයගම, කලවාන, ඇලපාත සහ කිරිඇල්ල ප්‍රදේශවලට නායයාමේ රතු නිවේදනයක්ද නිකුත් කර තිබේ.