FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – නව කොරෝනා වෛරසය ආසාදනය වී මේ වනවිට සුවය ලබා ඇති නාවික හමුදා සෙබළුන් සංඛ්‍යාව 189ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් පසු රෝහලෙන් පිටව යාමත් සමඟයි.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.