FAST NEWS

24×7 Around the Globe

අද රාත්‍රීයේ සිට සඳුදා අළුයම තෙක් දිවයිනටම ඇඳිරි නීතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (16) රාත්‍රී 08.00 සිට සඳුදා අළුයම 05.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව රජය පවසයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා ඊයේ (15) රාත්‍රී 08.00 සිට පනවා තිබූ ඇඳිරි නීතිය අද අළුයම 05.00 ට ඉවත් කෙරුණි.

කෙසේ වෙතත් කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල මැයි මස 18 වන සඳුදා අළුයම 05.00 ට ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මැයි මස 23 වන සෙනසුරාදා දක්වා රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.