FAST NEWS

24×7 Around the Globe

නාවිකයන් 30 දෙනෙකු සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොවිඩ් –19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 30 දෙනෙකු රෝහල් වෙතින් මුදා හැර තිබේ.

ඔවුන්ගෙන් 18 දෙනෙක් නාවික හමුදා රෝහලෙහිද , 10 ක් හෝමාගම රෝහලෙහිද, එක් අයෙක් මුල්ලේරියාව රෝහලෙහිද , තවත් අයෙක් අයි ඩීඑච් රෝහලෙහිද, ප්‍රතිකාර ලබා ගනිමින් සිටියේය.

ඒ අනුව එම රෝහල් තුල ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කල පී සී ආර් පරීක්ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා ඔවුන් මෙලෙස රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

මෙම නාවික හමුදා පුද්ගලයින් 30 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 151 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ.