FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරුවෙන් අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (14) පස්වරු 4 ටමහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අවසන් වේ.

පසුගිය 28 වනදා එය අවසන්වීමට නියමිතව තිබිණි.

එහෙත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හමුවේ අද පස්වරු 4 දක්වා එය කල් දැමීමටයි තීරණය වී ඇත.

මේ අනුව එක් එක් සහතික කිරීමේ නිලධාරීන් වෙත ලැබී ඇති සියලුම අයදුම්පත් අදාළ කාර්යාලය හෝ රාජ්‍ය ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය , දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය හෝ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ආවරණ ලිපියක් සමග අතින් ගෙනවිත් භාරදීමට සහතික කිරීමේ නිලධාරීන් ක්‍රියා කල යුතුයි.

මෙය තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීමේ නව කාලසීමාවක් හෝ අයදුම්පත් භාර ගැනීමේ නව දිනයක් නියම කිරීමක් නොවන බවද මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.