FAST NEWS

24×7 Around the Globe

රාජිත අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අධිකරණය ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡා නඩුව සම්බන්ධයෙන් එහි තෙවන සැකකරුවන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ  ඇප නියෝගය අද (13) පෙරවරුවේ කොළඹ මහාධිකරණ විසින් අවලංගු කළේය.

එහි ඉදිරි නෛතික පියවරක් වශයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝග කර තිබේ.