විද්‍යුත් ජාතික හැදුනුම්පත සදහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඉදිරි වසර දෙක ඇතුලත ජාතික හැදුනුම්පත ලබා ගැනීමට ඉල්ලුම් කරන පුරවැසියන්ට විද්‍යුත් ජාතික හැදුනුම්පත ලබාදෙන බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ.
එස් බී නාවින්න අමාත්‍යවරයා ඒ සදහා වන පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.







