FAST NEWS

24×7 Around the Globe

අද සිට උසස් පෙළට පාසල් සඳහා අයදුම් කිරීම ඔන්ලයින් ක්‍රමයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (12) සිට මෙම වර්ෂය සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි වෙත ඇතුලත් වීමට නියමිත සිසුන්ට ඔන්ලයින් හෙවත් මාර්ග ගත ක්‍රමය ඔස්සේ පාසල් සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමි වෙයි.

www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඊට අයදුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

එක් අයදුම්කරුවෙකුට පාසල් දහයක් සඳහා අයදුම්පත් යොමු කළ හැකි අතර සියළුම අයදුම්පත් ජුනි මස 12 වනදාට පෙර යොමු කළ යුතු බව සඳහන්ය.