රක්නා ලංකා සමාගමේ කටයුතු සම්බන්ධයෙන් ප්රකාශ ලබා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා යළිත් වරක් ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැඳවා තිබෙනවා.
එහි ලේකම් ලැසිල් ද සිල්වා පැවසුවේ මේ සම්බන්ධයෙන් ප්රශ්න කර ප්රකාශ සටහන් කර ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 9 දෙනෙකුට දැනුම්දීමක් කර ඇති බවයි.
එසේ වුවද අද දිනයේ එම 9 දෙනාම පැමිණ නැතත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තවත් කිහිප දෙනෙකු පැමිණ සිටින බව ඔහු කියා සිටියා.රක්නා ලංකා සමාගමේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් සිදුකරන කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයිද ඔහු පැවසුවා.







