FAST NEWS

24×7 Around the Globe

අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වැඩපිළිවෙලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වත්මන් තත්ත්වය හමුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මාසික හෝ තෛයිමාසික වාර ප්‍රවේශත්‍ර ලබාගත් මගීන් සඳහා පමණක් මෙම වැඩපිළිවෙල වලංගු වන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වි.එස් පොල්වත්තගේ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ආයතන ප්‍රධානීන් හරහා අදාල අයදුම්පත් යොමු කිරිම තුළින් මෙම සේවව ලබා ගැනිමට හැකියාව පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේ

මෙම සේවාව ලබා ගන්නා මගීන් කල්වේලා ඇතිව දුම්රිය ස්ථානයට වාර්තා කළ යුතු බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.