FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් දියත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් මෙරට අපනයන කර්මාන්තය නගා සිටුවීම සඳහා සතියකට ලොව පුරා ගමනාන්ත 27ක් වෙත සිය ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් දියත් කිරීමට තීරණය කර තිබේ.

එළඹෙන 18 වනදා සිට මෙම වැඩසටහන දියත් කිරීමට නියමිතව ඇත.

ඒ යටතේ ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානා මගින් යුරෝපයේ ලන්ඩන්, ෆ්‍රැන්ක්පර්ට්, චීනයේ බීජිං, ෂැංහයි, ග්වැන්ෂෝ, කැන්ටන්, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, සිංගප්පූරුව, ජපානයේ ටෝකියෝ, නරීටා, දෝහා, ඩුබායි, මාලේ, ඩකා වැනි ගමනාන්ත කරා රැගෙන යාමට නියමිතයි.

මේ සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒ 320 සහ ඒ 330 එයාර් බස් වර්ගයේ නවතම ගුවන් යානා යෙදවීමට අපේක්ෂා කර තිබේ.