FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණ ගැසට් නිවේදනය බල රහිත කිරීමට තවත් පෙත්සමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැණි බව පෙත්සම්කරුවන් විසින් පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේ සිට මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුව යළි කැදවිය යුතු බවද පෙත්සමේ සඳහන් වේ.

මෙහි වගඋත්තරකරුවන් ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ එහි සාමාජිකයින් නම් කර තිබේ.