FAST NEWS

24×7 Around the Globe

දඹුල්ල බස් නැවතුම්පොලේ වැටී සිටි සෙබලාගේ වෛද්‍ය වාර්තාව නිකුත් වෙයි

(ෆාස්ට් නිව්ස් | දඹුල්ල) –  දඹුල්ල බස් නැවතුම්පොලේ වැටී සිටියදී දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගිය ආධුනික යුද හමුදා සෙබලාට කොරෝනා වෛරසය වැළඳී නැති බව වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතා සඳහන්කර සිටියේය.  

ආධුනික සෙබලාගේ නියැදි පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු වූ සිරුර දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණි.

මහනුවර රෝහල වෙත යවා තිබූ නියැදි ශරීරයේ කොටස් වල පරීක්ෂණ වාර්තාව අද පස්වරු 5.45 ට පමණ ලැබුණු බව වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.

ඒ අනුව මියගිය හමුදා සෙබලාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) දින පස්වරුවේ කඩිනමින් සිදු කර මරණයට හේතුව සොයා බලා සිරුර යුද හමුදාවට භාර දීමට අවශ්‍ය පියවර ගන්නා බවද වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පල්ලේපොල ප්‍රදේශයේ පදිංචි මෙම යුද හමුදා සෙබලාගේ ඥාතීන් පොලිසියට පවසා ඇත්තේ තම දරුවාට කලක සිට අසනීප තත්ත්වයක් ද තිබුණු බවයි. ඒ අනුව ද වෙනම පරීක්ෂණයක් පවත්වන බව පොලීසිය පවසයි.