FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන් ඇසුරු කල 138 ක් නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා රෝගියෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 27 දෙනෙකු ද ඇතුළුව අද දින නිරෝධායන මධ්‍යස්ථාන වෙත පුද්ගලයින් 138 ක් යවා ඇති බව හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 5089 දෙනෙකු මේ වනවිට නිරෝධායනය අවසන් කර ඇති අතර නිරෝධායන මධ්‍යස්ථාන 39 ක 4883 දෙනෙකු තවමත් රැඳී සිටින බවයි.