FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවේ සහ කැනඩාවේ ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (05) දිනයේදී කැනඩාවේ සහ අමෙරිකාවේ සිටින ලාංකික සිසුන් පිරිසක් දිවයිනට රැගෙන ඒමට නියමිත බව විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ලන්ඩන් නුවර සිට හෙට අලුයම දිවයිනට පැමිණෙන ගුවන් යානයෙන් ඔවුන් කටුනායකට ළගාවීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් රැඳී සිටින මෙරට සිසුන් පිරිසක් දිවයිනට රැගෙන ඒම සඳහා හෙට (06) දිනයේදී සිංගප්පුරුවට ගුවන් යානයක් යැවීමට සැළසුම් කර ඇති අතර මැලේසියාවල පිලිපීනයල ජපානය හා බෙලාරස් රටවල සිටින ලාංකික සිසුන් ගෙන්වා ගැනීමටද සැළසුම් කර ඇති බව ද අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.