FAST NEWS

24×7 Around the Globe

විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම තවදුරටත් කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම තවදුරටත් කල් යනු ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ලබන 11 වනදා සිට අදියර කිහිපයක් යටතේ විශ්ව විද්‍යාල නැවත විවෘත කරන බව මින් පෙර ප්‍රකාශයට පත් කර තිබුණි.

කෙසේවෙතත් සෞඛ්‍ය උපදෙස් අනුව ආරක්ෂිත පරිසරයක් ඇති කරන තෙක් විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීමට හැකියාවක් නොමැති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.