FAST NEWS

24×7 Around the Globe

ලාංකිකයින් පිරිසක් රැගෙන ඒමට තවත් ගුවන් යානයක් ලන්ඩනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එංගලන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එහි අතරමං වී සිටින සිසුන් ශ්‍රී ලාංකික සිසුන් , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (05) අලූයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 503 දරන එම ගුවන් යානය අද අලූයම 12.51 ට කටුනායක ගුවන් තොටුපළෙන් , ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් තිබේ.