FAST NEWS

24×7 Around the Globe

පන්දහසේ දීමනාව නිවසටම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම්වලට ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව නිවාස වෙතම ගොස් ගෙවීමට තීරණය කර තිබේ.

අප්‍රේල් මස ඉහත දීමනා ලැබූ ස්ථාවර ප්‍රතිලාභී ලේඛනය, ප්‍රමුඛතා ලේඛනය හා ග්‍රාමීය කමිටු විසින් නිර්දේශ කරනු ලැබූ ප්‍රතිලාභී ලේඛනය යන ලේඛනවල ඇතුළත් ප්‍රතිලාභීන්ට දීමනාව ගෙවීමට නියමිතයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයක සඳහන් කරන ආකාරයට දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්ගේ මගපෙන්වීම යටතේ අදාළ ග්‍රාම නිලධාරීන් ප්‍රතිලාභීන්ගේ නිවාස වෙතම ගොස් දීමනාව ගෙවන බවයි.

ගෙවීම් කටයුතු මැයි 11 වැනිදා ආරම්භ කර මැයි 15 වැනි දින අවසන් කිරීමට නියමිතයි.