FAST NEWS

24×7 Around the Globe

පාසැල් ආරම්භ කිරීම ගැන සෞඛ්‍ය අංශයේ නිර්දේශය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින කොරෝනා වසංගත අවදානම සහ මේ වන විට රටේ පවතින තත්ත්වය සලකා බලන විට පාසල ආරම්භ කිරීම සඳහා සුදුසු වාතාවරණයක් මේ වන විට නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ බව දන්වා ඇති බව වර්තා වේ.

එළැඹෙන 11 වැනි දින පාසල් ආරම්භ කිරීමට කලින් දින නියම වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මෙසේ දැනුම් දී ඇත.

පාසල් නැවත ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් තීරණය කරන්නේ කොරෝනා ව්‍යාප්තියේ ස්වභාවය සහ පාසැල් තුළ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක කටයුතු පවත්වා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම්වල ප්‍රමාණවත් තත්ත්වය අධ්‍යනය කිරීමෙන් පමණක් යැයිද ඔහු එමගින් පවසා තිබේ.

ඒ අනුව ඉදිරි දින වලදී පාසල් තුළ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අවශ්‍ය කරන සියලු සනීපාරක්ෂක පහසුකම් ද යටිතල පහසුකම් ද ඉහළ නැංවීමට උපදෙස් ලබා දෙන බවද එම ලිපියෙන් දන්වා ඇත.