FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු සැසිවාර අද සිට සජීව විකාශය කෙරේ.

පාර්ලිමේන්තු සැසිවාරය අද (08දා) සිට සජීවීව විකාශය කිරීමට පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව තීරණය කර තිබේ. මුල් අදියරේ අත්හදා බැලීමක් ලෙස සිදුකරන මෙය ජාතික රූපවාහිනියේ අයි නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ සැසි වාරයෙන් පැයක කාලසීමාවක් මේ අනුව විකාශය කරන අතර, අද (08දා) දිනයේ ප.ව. 1.00 ට පාර්ලිමේන්තුව ආරම්භ වීමත් සමග ප.ව. 2.00 දක්වා විකාශය කිරීම සිදුකරයි.

පාර්ලිමේන්තුවේ විශේෂ අවස්ථා මීට පෙර සජීවීව විකාශය කර තිබුණද පාර්ලිමේන්තු සැසිවාර අඛණ්ඩ විකාශය කරන ප්‍රථම අවස්ථාව මෙය වේ.මීට අමතරව පියෝ ටී.වී. නාලිකාව ඔස්සේ මේ වනවිටද පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාලය සජීවීව විකාශය කෙරෙමින් පවතී.