FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ සංඛ්‍යාත්මක අඩුවක්

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මේ වන විට සාමාන්‍ය ජන සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාව ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියි.   

අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ වාර්තාවන රෝගීන් සංඛ්‍යාවද දෛනිකව අඩුවෙමින් සිටින බවයි.

මේ දිනවල හදුනා ගැනෙන බොහෝ රෝගීන් නාවික හමුදා සෙබලුන් හෝ ඒ ආශ්‍රිතයන් බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.