FAST NEWS

24×7 Around the Globe

පොලිස් ඇඳිරි නීතිය ඇති දිස්ත්‍රික්කවල තැපැල් කාර්යාල විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය සේවා සඳහා තැපැල් කාර්යාල අද (04) සිට විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, විශ්‍රාම වැටුප් ගෙවීම ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා එම කාර්යාල විවෘතව තබන බවයි.