FAST NEWS

24×7 Around the Globe

කොළඹ මැනිං වෙළදපොළ අද යළි විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ – මැනිං පොදු වෙළදපොළ අද (04) තොග වෙළදාම සඳහා යළි විවෘත කර තිබේ.

විෂබීජහරණය සඳහා ඊයේ (03) දිනයේ මැනිං පොදු වෙළදපොළ වසා තැබුණි.

මැනිං පොදු වෙළද සංගමයේ උප සභාපති නිමල් අත්තනායක පැවසුවේ තොග වෙළඳාම් සඳහා පැමිණෙන ව්‍යාපාරිකයන් මෙන්ම, පාරිභෝගිකයන් ද ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වෙළඳපොළට පැමිණෙන ලෙසයි.