FAST NEWS

24×7 Around the Globe

අවසන් වරට හමුවූ ආසාදිතයන්ගෙන් 11 දෙනෙකු නාවික හමුදාවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (03) දිනයේ වාර්තා වු ආසාදිතයින් 13 දෙනාගෙන් ආසාදිතයින් 11 දෙනෙකුම වැලිසර නාවික හමුදා කඳවුරේ සිටි නාවිකයන් බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

සෙසු ආසාදිතයින් දෙදෙනා නාවික හමුදා සමාජිකයින්ගේ සමීපතමයින් බවද හමුදාපතිවරයා පැවසීය.

මෙරටින් හඳුනා ගැණුනු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 718ක් දක්වා ඉහළ ගොස් තිබේ.