FAST NEWS

24×7 Around the Globe

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (04) සිට ජාතික වෙසක් සතිය ආරම්භ වේ.

එය මැයි 08 වනදා තෙක් එය බලාත්මකයි.

රට තුල පවතින කොරෝනා වෛරස අවදානම හේතුවෙන් මෙවර වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් වෙසක් කලාප කිසිවක් රට තුල නොපැවැත්වෙන අතර ඒ වෙනුවට සෑම නිවසකම හා ව්‍යාපාරික ස්ථානයකම බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන ලෙස රජය විසින් ජනතාවට දැනුම් දී තිබේ.

තවද ශීල සමාදාන ඇතුලු සියලු වෙසක් සැමරුම් නිවසේ සිට සිදුකරන ලෙසද රජය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.