FAST NEWS

24×7 Around the Globe

අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(04) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.

මෙම කැදවීම වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සිදුකර ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන ආකාරයට අද පෙරවරු 10.00 ට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස හිටපු මන්ත්‍රීවරුන් වෙත දැනුම් දී ඇත.

දේශපාලන පක්ෂ කිහිපයක් මේ වන විටත් මෙම සාකච්ඡාව සඳහා සහභාගී නොවන බවට දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය මෙම සාකච්ඡාවට සහභාගී නොවන බව වාර්තා වෙයි.