FAST NEWS

24×7 Around the Globe

හැඳුනුම්පතේ අවසාන අංකය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කිරීමට හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව දැනුම් දෙනු ලැබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඇඳිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස් වලින් බැහැර යෑමට මෙය කිසිසේත් අදාළ නොවන බවයි.

කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි කලාපවලට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හෝ කිසිවෙකුට අවසර නොලැබේ.

එම මාධ්‍ය නිවේදනය පහතින්,