FAST NEWS

24×7 Around the Globe

ජනපති ජය ශ්‍රී මහා බෝධීන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගනී [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට සහ ජනතාවට සෙත් පතා ඊයේ (02) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේය.  

මෙහිදී එතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

රුවන්වැලි මහා සෑ රදුන් අබියස අද උදෑසන පැවති කිරි අහාර පූජාවට ද එක් වූ ජනාධිපතිතුමා ආගමික වතාවත්හි ද නිරත වෙමින්  රටටත්, ජනතාවටත් සෙත් පැතිය.  සෑ රදුන් අබියස විශේෂ සෙත් පිරිත් සජ්ජායනාවක් ද සිදු කෙරිණ.

රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේ සමගද සුහද පිළිසඳරක නිරත විය.

Image may contain: one or more people, people sitting, beard and outdoor

Image may contain: 1 person, standing and food

Image may contain: one or more people, people sitting and people standing