FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා පිහිටි කර්මාන්තශාලා 244 ක වැඩ අරඹයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොරෝනා ව්‍යාප්තියත් සමඟ නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව සහ ඉන් පිටස්තර කර්මාන්තශාලා යළි සිය නිෂ්පාදන ආරම්භ කිරීමේදී සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්ය බව විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.  

දිවයින පුරා පිහිටි නිදහස් වෙළඳ කලාපවල කර්මාන්තශාලා 244ක් මේ වන විට සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ.

බියගම නිදහස් වෙළඳ කලාපයේ ද කර්මාන්තශාලා 52 ක නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙන අතර , මැයි මස 11 වනදා වන විට තවත් කර්මාන්තශාලා රැසක් සිය නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියමිතව ඇත.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පමණක් පසුගිය බ්‍රහස්පතින්දා වන විට කර්මාන්තශාලා 62 ක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.