FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය නොතැකූ 45,115 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලැබූ දිනයේ සිට මේ දක්වා එය උල්ලංඝනය කළ පුද්ගලයින් 45,115 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.  

මීට අමතරව වාහන 11,699 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

අද උදෑසන හයෙන් අවසන් වූ පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 1088 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 307 ක්.