FAST NEWS

24×7 Around the Globe

අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා 2015 ට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ද සහභාගිවීමට නියමිතව තිබේ.

ඔවුන් විසින් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

තවද හෙට (04) පැවැත්වීමට නියමිත එම රැස්වීමට විපක්ෂය නියෝජනය කරන පාර්ශව කිහිපයක් සහභාගී නොවීමට තීරණය කර ඇති අතර, විපක්ෂයේ තවත් කණ්ඩායම් කිහිපයක් සහභාගිවීමටයි තීරණය කර ඇත.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය ඊට සහභාගි වන අතර, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඊට සහභාගි නොවන බවට වාර්තා වේ.