අත්අඩංගුවේ පසුවූ පාර්ලිමේන්තු මන්ත්රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ලබන 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා කළ නියෝගයකට අනුවයි.
පාර්ලිමේන්තු මන්ත්රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (06) දිනයේදීයි.
කොළඹ පෞද්ගලික රෝහලකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙලෙස පාර්ලිමේන්තු මන්ත්රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට ගැනුනා.
1999 වසරේ මාතලේ, දඹුල්ගමුව ප්රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මෙලෙස ඔහුව අත්අඩංගුවට ගැනීම සිදු වුණා.







