FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන කඳවුරු වල ඉන්න පිරිස් ගැන බුද්ධි අංශයෙන් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය බුද්ධි සේවය විසින් නිරෝධායන කඳවුරු සඳහා යොමුකල පුද්ගලයන්ගෙන් 4847 දෙනෙකු තවමත් නිරෝධායනය වෙමින් සිටින බව පවසයි.

විදේශයන්ගෙන් පැමිණි 1161 දෙනෙකු සහ දේශීයව යොමු කෙරුණු 3686 දෙනෙකු ඒ අතර වන බව එහි සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා කියා සිටියේය.

විදේශයන්ගෙන් පැමිණි 4737 දෙනෙකු අතුරින් මේ වනවිට 3576 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර පිටත්ව ගොස් ඇති අතර දේශීයව නිරෝධායන කඳවුරු වෙත යොමු කර සිටි සංඛ්‍යාව 4923 කි.

රාජ්‍ය බුද්ධි සේවයේ සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ ඉන් 1237 දෙනෙකු මේ වනවිට පිටත්ව ගොස් ඇති බවයි.