FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය කඩ කරන්නන් සොයා විශේෂ වැටලීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (02) සහ හෙට (03) දිනවලදී විශේෂ වැටලීම් සිදුකරන බව පොලිසිය පවසයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මේ බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර, ඇඳිරි නීති කාලසීමාව තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 43,459 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 11,246 කි.