FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන මධ්‍යස්ථානයක සිටි දෙදෙනෙක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මුලතිව් ප්‍රදේශයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.   

වයස අවුරුදු 80 ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇත.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ ඔවුන් දෙදෙනාම මුලතිවු මුල්ලියාවේලි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

කෙසේවෙතත් මොවුන් දෙදෙනා මියගොස් ඇත්තේ කොරෝනා වෛරසය වැළඳීමෙන්දැයි මෙතෙක් නිශ්චිතව තහවුරු කරගෙන නොමැති අතර ,ඔවුන් දෙදෙනා PCR පරීක්ෂණවලට යොමුකර තිබූ අතර ඒවායෙහි ප්‍රථිපල වාර්තා හෙට දිනයේදී ලැබීමට නියමිත ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.